Newest Post

| Sunday, April 29, 2012
Read more »
                             මොහොතක් සිතන්න.........

දුම්කොළ: බරපතල සවුක්ය ගැටලුවකි.

ලොව පුර දුම්පානය නිසා වසරකට මිලියන 3 ක් මිනිසුන් මිය යන අතර එය තව දුරටත් වැඩි වෙමින් පවතී.අද තරුණ දුම්පානය කරන්නන් මැදි වයසට සහ මහලු වයසට පත්වන විට මේ ගණන මිලියන 10 ක් පමණ වන බැවින්, භයානක අවස්ථාව උදා වන්නේ තවත් ඉදිරියටය.දැන් ජීවතුන් අතර සිටින මිනිසුන් අතරින් අසන්න වශයෙන් මිලියන 500 ක් වත් දුම්කොළ නිසා මිය යන්න හැකියි අපේක්ෂා කෙරේ.මින් මිලියන 250 ක් මැදි වයසේදී මිය යන්නට පුළුවන.මැදි වයසේ පිරිමින්ගෙන් තුනෙන් එකක් පමණ දුම්කොළ නිසා ඇතිවන අසාදනයන්න්ට ගොදුරු වන අතර, සංවර්ධිත රටවල වැඩිහිටි මරණ සිදු කරන විශාලතම හේතුව දුම්කොලයි.සංවර්ධිත රටවල දුම්කොළ වසංගතයේ මුදුන් පෙත්තට කාන්තාවන් තවම පැමිණ නැත.සිගරට් බීම නිසා කීප ආකාරයකින් මරණයට ලගාවිය හැක.සමස්තයක් වශයෙන් සංවර්ධිත රටවල පිරිමි මරණය 24% ක් ද, ස්ත්‍රී මරණය 7%ක් ද සිදුවන්නේ දුම්කොළ පානය නිසාය.දුම්පානය කරනන්ගේ ජීවිත අපේක්ෂා විනශයන්හි සමාන්න්ය අවුරුදු 7 කි. කෙසේ වෙතත් මැදි වයසේ සිටිනුන්ගේ මෙය්ස් අවුරුදු 22 ක් තරම් වේ.1990 දී යුරෝපය පුරාම මැදි වයසේ මරණ මිලියනකින් හතරෙන් තුනක් පමණ සිදුවුයේ දුම්පානය නිසාය.1990 දී යුරෝපා සංගමයේ සාමාජික රටවල මැදි වයස් මරණ මිලියනයකින තුනෙන් එකක් පමණ රුජුවම දුම්පානය නිසා සිදුවිය.පිරිමි 219,700 ක් සහ ගැහැණු 31,900 ක් වැඩිමහලු වියීදී දුම්කොළ නිසා තවත් බිහෝ මරණ සිදු විය.පුළුල් ලෙස සලක බලන්නේ නම්, දුම්කොළ පරිබෝජනය අඩුවීම හේතුවෙන් බටහිර යුරෝපිය රටවල දුම්පානය නිසා පිරිමින් තුල ඇතිවන ලෙඩ රෝග වල ප්‍රවනතාව එක්තරා ප්‍රමාණයකින් අඩුවී තිබේ.දුම්කොළ පරිබෝජනය ඇදල කිරීම පිණිස සෞක්‍ය අද්ධ්යපනය වැනි සෞක්‍ය පියවර සහ බදු පැනවීම නිසා මෙසේ සිදුවීම ප්‍රධාන හේතුවී.
Posted by : darshika chathurangi
Date :Sunday, April 29, 2012
With 0comments
| Friday, April 27, 2012
Read more »



වෙලාවකට හිතෙනවා මනුස්සයෙක් වෙලා මොකට ඉපදුනාද කියල.
මොකද පෙර පාසල් යන කාලයේ ඉදලම විභහග.
දැන් වයස අවුරුදු 20 ක් වෙනවා.එත් තාමත් මේ විභාග ලියන එක ඉවර වෙලා නෑ.
විභහග ලියන එක වදයක් නෙමෙයි,කියන වෙලාවට කියන දවසට ඒ  අදාල වීෂය තියනවනම්.
දැන් විභහග කියන දේත් ගනන් ගන් නැති තත්වයකට වැටිලා.
විභාහගයක් කියන්නේ තමන්ගේ ඉදිරි අනාගතය තීරණය වන අවස්ථාවක්.
අපි එතැනදී වඩාත් සැලකියමත් විය යුතුය.

වර්තමානය වන විට ගුරුවරු සහ වගකියා යුතු පුද්ගලින් පවා දරුවන්ගේ ජීවිත විහිලුවකට අරගෙන.මගේ ජීවිතේ නම් මගේ සෑම විභාගයක්ම ඒ කිව්වේ තීරණාත්මක විභාග හැම එක්කක්ම විහිළුවක් උනා.අපි දන්නවා අපේ ජීවිතේට එන ප්‍රථම තීරණාත්මක විභාගය වෙන්නේ අපොස සා.පෙළ විභාගය.මගේ ජීවීතේ මට ඒ විභාගයේ ගණන් විෂය වර දෙකකදී ලියන්න වුණා.ඒ මම විභාගය අසමත් වීමක් හින්ද නෙමි.ගණන් ප්‍රශ්න පත්තරයේ වරදක් සිදුවීම නිසා.මට ඒ සිදුවීමට මුහුණ දෙන්න වුනේ 2008 වසරේදී.ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගයට මුණ දුන්න 2011 දී.ඒ විභාගේ ප්‍රශ්න පත්තර වල අඩුපාඩු තිබුනේ නෑ.ඒ උනාට ප්‍රතිපල නිකුත් කිරීමේ අඩුපාඩු සිද්ධ උනා.මේ හැම දෙයකින්ම ගුරුවරුන්ටවත් අධ්‍යාපන ඇමතිටවත් පාඩුවක් සිද්ධවෙන්නේ නෑ.අහිංසක අසරණ දරුවෝ තනි අසරණ වෙන්නේ.මේ දේවල් කාට කියන්නද?රජය සෙල්ලම් කරන්නේ දරුවොත් එක්ක.දෙමුපියෝ දුක් මහන්සි වෙලා දරුවන්ට උගන්වන්නේ මේ විදියේ අනාගතයක් උදාකරල දෙන්නද? මේ දේවල් වලට වග කියාන ඕනේ කවුද?
                                              
ඔබ හොදින් සිතා බලන්න දරුවන්ගේ ජීවිතත් සමග මෙසේ සෙල්ලම් කල යුතුද කියල?

 
Posted by : darshika chathurangi
Date :Friday, April 27, 2012
With 0comments
| Thursday, April 5, 2012
Read more »


කොහෝ කොහෝ..................
කොහේ ඉදන් කොහෝ කියන වදෝ
.................
අපේ ගමේ අවුරුද්දට නෙඅගම් එනවදෝ
................
කොහෝ කොහෝ
...................
මේ ගීත දෙසවනට ඇසෙන සිතට දැනෙන කාලය උදාවෙලා.
අපි කෙමින් කෙමින් නෙව අවුරුදු උදාවට සුදානම් වන කාලයි
.
අලුත් අවුරුදු යනු සංස්කෘතික උත්සවයකි
.මෙයට ජාති බේද, පන්ති බේද හෝ කුල බේද නොමැත.
සියලු දෙන එකට එකාවන්ව කටයුතු කරන කාලයකි
.
අලුත් අවුරුදු උදාවෙන් අපේ සිත් තුලට නව ප්‍රබෝදයක් නව ජීවයක් ඇති වේ
.පරණ නෑකම්  අලුත් වන අලුත් නෑකම්  ඇති වන කාලයකි.
අතීතයේ දී අලුත් අවුරුදු උදාවට මාස ගනනකට පෙර අපේ මුතුන් මිත්තන් කටයුතු සුදානම් කළේය
.
නමුත් වර්තමානය වන විට සමාජය නගරීකරණයන වීමත් සමගම අපේ සංස්කෘතික අංගයන් කෙමින් කෙමින් අපේ සිත් තුලින් අපේ සමාජයෙන් දුරස්ව යන ලකුණු පෙනේ
.
කෙසේ වෙතත් අලුත් අවුරුද්ද යනු අපට අමතක කල හැකි අංගයක් නොවේ
.මක් නිසාදයත් අලුත් අවුරුදු යනු සංස්කෘතික අංගයන්ගෙන් පරිපුර්ණ උත්සවයක් නිසාය.
අලුත් අවුරුදු උදාවට දින කිහිපයක් පෙර සිටම අප නිවෙස් පිරිසිදු කර අලුත් අවුරුදු උදාව සදහා සුදානම් වේ
.මා පෙර කිව පරිදිම මේ මොහොතේ සිටම සාමුහිකව කටයුතු කිරීම ආරම්භ වේ.
පසුව උදාවෙන අලුත් අවුරුදු චාරිත්‍ර සමගම තවත් දුරට ඒ බැදීම් වැඩිදියුණු වේ
.
පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍ර සමගම චාරිත්‍ර ගණනාවක් කිරීම ආරම්භ ව
                       *අලුත් අවුරුදු උදාව.  *පුණ්‍ය කාලය.  *ලිප ගිනි මෙලවීම.*වැඩ ඇල්ලීම.
*අහර අනුභවය
.
*හිස තෙල් ගෑම
.යනාදී වශයෙන් නැකත් චාරිත්‍ර රාශියක් සිදු කරනු ලබන මෙම සංස්කෘතික උත්සවයේ සියලුම රට වැසියන් අසාවෙන් බලා සිටින තවත් අංගයක් වනුයේ අවුරුදු උත්සව පැවත් වීමයි.
අවුරුදු මාසය පුරාවටම අවුරුදු උත්සව පැවත් වේ
.එහිදී  අවුරුදු ක්‍රීඩා රාශියක් පැවැත් වේ.එසේ පැවැත් වෙන්නා වූ ක්‍රීඩා අතරින් අපි වඩාත් කැමති ක්‍රීඩා වනුයේ
*කොට්ට පොර ගැසීම
.
*බනිස් කෑම
.
*බාදක දිවීම.
*කිරි කැවීම.
*කනමුට්ටි බිදීම.
*ගම හරහා දිවීම
.ආදී වූ විශේෂාංග වලටය.
මේ අයුරින් අලුත් අවුරුද්ද සෑම වසරක් පාසා සමරනු ලැබේ
.
මෙසේ සමරන්න වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් පාර්ථනා කරන්නෙමි
.

  සුබ අලුත් අවුරුද්දක් වේවා!

    


Posted by : darshika chathurangi
Date :Thursday, April 5, 2012
With 0comments
Next Prev
▲Top▲