Newest Post

| Tuesday, July 10, 2012
Read more »
කවි මඩුව

                1. ගැන තෙල් සදුන් වරලස ඔමරි කොට
                     මුහුණ පුරා තෙල් ගාගෙන යන කලට
                     මාන බලති මිනුවන් පන් පිපෙන කොට
                     නෑනො නුබත් එනවද පන් නෙලන්නට
                 2. දොඩම් කපාලා ඇබුල් තනලා
                     නාන්න යන සැටි බලන් කළු
                     සේලේ ඇදලා නෙරිය තියල
                     මිදුලේ සක්මන් කරයි කළු
                     දහසක්  දීල වළලු තනලා
                     දෑතේ අතලා බලයි කළු
                     දුනුකේ මල සේ වැටකේ ඉගෙන ඔලිද කෙලින හැටි බලන් කළු
Posted by : darshika chathurangi
Date :Tuesday, July 10, 2012
With 0comments
| Thursday, July 5, 2012
Read more »
වියපත් වූ ඇය
පුදසුනක දැල්වෙන
සුදු ඉටි පහනක් මෙන්
ඇගේ වියපත්
මුහුණේ සිරියාව
ගෙවී යන දීප්තිය හා ප්‍රභාව
උරුම වී ඇත
දරුවන් වදා,හදා කල
මෙහෙවරක  සලකනුව
ඈ අතැර ගොස්
දරු කැළ
තනිව ඇත ඈ
ගරාවැටුණු කම්හලක
වැඩකට නැති දිය විලක් සේ
සිතුවිලි ද නිසලය
අසරණය ඇය
Posted by : darshika chathurangi
Date :Thursday, July 5, 2012
With 0comments
| Tuesday, July 3, 2012
Read more »
  ‍ෙසාදුරැ ළමා විය 
‍ෙසාදුරැ ළමා විය බිල්ලට දීලා
අ‍ෙතාරක් නැතිවම ‍ෙව‍ෙහසීලා
සිරසට පිරවු දැනුමට තනිවම
සාදනු බෑ මිනිසා
සාදනු බෑ
පිරිපුන් මිනිසා
මා පිය ‍ෙස‍ෙනහස බිල්ලට දීලා
දිවා රෑ ‍ෙද‍ෙක් ‍ෙව‍ෙහසිලා
බඩ කට පුරවා සුර සැප දුන්නට
සාදනු බෑ මිනිසා
පිරිපුන් ඵ් මිනිසා
Posted by : darshika chathurangi
Date :Tuesday, July 3, 2012
With 0comments
Next Prev
▲Top▲