| Friday, April 27, 2012



වෙලාවකට හිතෙනවා මනුස්සයෙක් වෙලා මොකට ඉපදුනාද කියල.
මොකද පෙර පාසල් යන කාලයේ ඉදලම විභහග.
දැන් වයස අවුරුදු 20 ක් වෙනවා.එත් තාමත් මේ විභාග ලියන එක ඉවර වෙලා නෑ.
විභහග ලියන එක වදයක් නෙමෙයි,කියන වෙලාවට කියන දවසට ඒ  අදාල වීෂය තියනවනම්.
දැන් විභහග කියන දේත් ගනන් ගන් නැති තත්වයකට වැටිලා.
විභාහගයක් කියන්නේ තමන්ගේ ඉදිරි අනාගතය තීරණය වන අවස්ථාවක්.
අපි එතැනදී වඩාත් සැලකියමත් විය යුතුය.

වර්තමානය වන විට ගුරුවරු සහ වගකියා යුතු පුද්ගලින් පවා දරුවන්ගේ ජීවිත විහිලුවකට අරගෙන.මගේ ජීවිතේ නම් මගේ සෑම විභාගයක්ම ඒ කිව්වේ තීරණාත්මක විභාග හැම එක්කක්ම විහිළුවක් උනා.අපි දන්නවා අපේ ජීවිතේට එන ප්‍රථම තීරණාත්මක විභාගය වෙන්නේ අපොස සා.පෙළ විභාගය.මගේ ජීවීතේ මට ඒ විභාගයේ ගණන් විෂය වර දෙකකදී ලියන්න වුණා.ඒ මම විභාගය අසමත් වීමක් හින්ද නෙමි.ගණන් ප්‍රශ්න පත්තරයේ වරදක් සිදුවීම නිසා.මට ඒ සිදුවීමට මුහුණ දෙන්න වුනේ 2008 වසරේදී.ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගයට මුණ දුන්න 2011 දී.ඒ විභාගේ ප්‍රශ්න පත්තර වල අඩුපාඩු තිබුනේ නෑ.ඒ උනාට ප්‍රතිපල නිකුත් කිරීමේ අඩුපාඩු සිද්ධ උනා.මේ හැම දෙයකින්ම ගුරුවරුන්ටවත් අධ්‍යාපන ඇමතිටවත් පාඩුවක් සිද්ධවෙන්නේ නෑ.අහිංසක අසරණ දරුවෝ තනි අසරණ වෙන්නේ.මේ දේවල් කාට කියන්නද?රජය සෙල්ලම් කරන්නේ දරුවොත් එක්ක.දෙමුපියෝ දුක් මහන්සි වෙලා දරුවන්ට උගන්වන්නේ මේ විදියේ අනාගතයක් උදාකරල දෙන්නද? මේ දේවල් වලට වග කියාන ඕනේ කවුද?
                                              
ඔබ හොදින් සිතා බලන්න දරුවන්ගේ ජීවිතත් සමග මෙසේ සෙල්ලම් කල යුතුද කියල?

 

0 comments:

Post a Comment

Next Prev
▲Top▲