| Thursday, April 5, 2012


කොහෝ කොහෝ..................
කොහේ ඉදන් කොහෝ කියන වදෝ
.................
අපේ ගමේ අවුරුද්දට නෙඅගම් එනවදෝ
................
කොහෝ කොහෝ
...................
මේ ගීත දෙසවනට ඇසෙන සිතට දැනෙන කාලය උදාවෙලා.
අපි කෙමින් කෙමින් නෙව අවුරුදු උදාවට සුදානම් වන කාලයි
.
අලුත් අවුරුදු යනු සංස්කෘතික උත්සවයකි
.මෙයට ජාති බේද, පන්ති බේද හෝ කුල බේද නොමැත.
සියලු දෙන එකට එකාවන්ව කටයුතු කරන කාලයකි
.
අලුත් අවුරුදු උදාවෙන් අපේ සිත් තුලට නව ප්‍රබෝදයක් නව ජීවයක් ඇති වේ
.පරණ නෑකම්  අලුත් වන අලුත් නෑකම්  ඇති වන කාලයකි.
අතීතයේ දී අලුත් අවුරුදු උදාවට මාස ගනනකට පෙර අපේ මුතුන් මිත්තන් කටයුතු සුදානම් කළේය
.
නමුත් වර්තමානය වන විට සමාජය නගරීකරණයන වීමත් සමගම අපේ සංස්කෘතික අංගයන් කෙමින් කෙමින් අපේ සිත් තුලින් අපේ සමාජයෙන් දුරස්ව යන ලකුණු පෙනේ
.
කෙසේ වෙතත් අලුත් අවුරුද්ද යනු අපට අමතක කල හැකි අංගයක් නොවේ
.මක් නිසාදයත් අලුත් අවුරුදු යනු සංස්කෘතික අංගයන්ගෙන් පරිපුර්ණ උත්සවයක් නිසාය.
අලුත් අවුරුදු උදාවට දින කිහිපයක් පෙර සිටම අප නිවෙස් පිරිසිදු කර අලුත් අවුරුදු උදාව සදහා සුදානම් වේ
.මා පෙර කිව පරිදිම මේ මොහොතේ සිටම සාමුහිකව කටයුතු කිරීම ආරම්භ වේ.
පසුව උදාවෙන අලුත් අවුරුදු චාරිත්‍ර සමගම තවත් දුරට ඒ බැදීම් වැඩිදියුණු වේ
.
පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍ර සමගම චාරිත්‍ර ගණනාවක් කිරීම ආරම්භ ව
                       *අලුත් අවුරුදු උදාව.  *පුණ්‍ය කාලය.  *ලිප ගිනි මෙලවීම.*වැඩ ඇල්ලීම.
*අහර අනුභවය
.
*හිස තෙල් ගෑම
.යනාදී වශයෙන් නැකත් චාරිත්‍ර රාශියක් සිදු කරනු ලබන මෙම සංස්කෘතික උත්සවයේ සියලුම රට වැසියන් අසාවෙන් බලා සිටින තවත් අංගයක් වනුයේ අවුරුදු උත්සව පැවත් වීමයි.
අවුරුදු මාසය පුරාවටම අවුරුදු උත්සව පැවත් වේ
.එහිදී  අවුරුදු ක්‍රීඩා රාශියක් පැවැත් වේ.එසේ පැවැත් වෙන්නා වූ ක්‍රීඩා අතරින් අපි වඩාත් කැමති ක්‍රීඩා වනුයේ
*කොට්ට පොර ගැසීම
.
*බනිස් කෑම
.
*බාදක දිවීම.
*කිරි කැවීම.
*කනමුට්ටි බිදීම.
*ගම හරහා දිවීම
.ආදී වූ විශේෂාංග වලටය.
මේ අයුරින් අලුත් අවුරුද්ද සෑම වසරක් පාසා සමරනු ලැබේ
.
මෙසේ සමරන්න වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් පාර්ථනා කරන්නෙමි
.

  සුබ අලුත් අවුරුද්දක් වේවා!

    


0 comments:

Post a Comment

Next Prev
▲Top▲