| Thursday, July 5, 2012
වියපත් වූ ඇය
පුදසුනක දැල්වෙන
සුදු ඉටි පහනක් මෙන්
ඇගේ වියපත්
මුහුණේ සිරියාව
ගෙවී යන දීප්තිය හා ප්‍රභාව
උරුම වී ඇත
දරුවන් වදා,හදා කල
මෙහෙවරක  සලකනුව
ඈ අතැර ගොස්
දරු කැළ
තනිව ඇත ඈ
ගරාවැටුණු කම්හලක
වැඩකට නැති දිය විලක් සේ
සිතුවිලි ද නිසලය
අසරණය ඇය

0 comments:

Post a Comment

Next Prev
▲Top▲